Wednesday, March 5, 2014

ආතල් කුඩු කිරීම



1. සමහරක් මිනිස්සු ඉන්නවා දුප්පත්. පොඩි එකීට එකාට ජොබක් අරන් දෙන්ඩ දේශපාලනේ කරනවා. වෙන කරන්ඩ දෙයක් නැති හින්දා. ඒ මිනිස්සු අහිංසකයි.
2. සමහරක් ඉන්නවා දුප්පත්. ඒත් හෘද සාක්ෂියට චන්දෙ දෙනවා. ඒ වෙනුවෙන් අවංකව වැඩ. උත්සාහයෙන් දියුණු වෙනවා. ඒ මිනිස්සු විශිෂ්ටයි.
3. තවත් සමහරක් ඉන්නවා උගත්. ඒ නිසාම පමණට ධනය තියෙනවා. බලය ලබාගෙන කරගන්ඩ තරම් දෙයක් නෑ. අනෙක් මිනිස්සු ගැන හිතලා වැඩ කරනවා. ඒ වෙනුවෙන් දේශපාලනේ කරනවා. ඒ මිනිස්සු බුද්ධිමත්.
4. සමහරක් ඉන්නවා පරපුරෙන් ධනය තියෙනවා. දේශපාලනයෙන් ඒ තරම් වැඩක් නැහැ. දේශපාලනය කරන්නෙත් නෑ. නොකරන්නෙත් නෑ. ඒ මිනිස්සු අලසයි.
5. තවත්  සමහරක් ඉන්නවා. ධනය තියෙනවා . ධනය උපයන්නේ අයතා ක්‍රම වලින්. බලය නැතිව පැවැත්මක් නෑ. බලය රැකගැනීම පිණිස දේශපාලනය කරනවා. ඒ මිනිස්සු කුජීතයි.
6. මේ අතර සමහරක් ඉන්නවා. තරමක් උගත්. උගත් කමටත් වඩා හිතින් උගත්. හිතින් මධ්‍යම පන්තියේ (එහෙම එකක් නැති බව වත් ඔවුන් දන්නේ නෑ) . ඇත්තටම පීඩිත පන්තියේ. හීනෙන් ධනපති පන්තියේ. මුන් හිතන් ඉන්නේ දුප්පත්තු ටික මුන්ට ඊර්ෂ්‍යා කරනවා කියලා. අවාසනාවට උන්ට ඊට වඩා වැඩ තියෙන විත්තියක් මුන්ට තේරෙන්නේ නෑ. ඒ වුනාට මුන් ඊර්ෂ්‍යා කරනවා අරුන්ට. ඒ උන් මුන්ගේ තැන ගනියි කියලා. පුදුම බයකින් ඉන්නේ දුප්පත් මිනිස්සු  රොත්තක් ඇවිත් කුදලන් ගිහිං උංගේ පැල් කොට වලින් තියයි කියලා. අර මුල් කැටගරි තුනේ මිනිස්සු සංවිධානය වෙලා පුංචි සද්දයක් දාපු ගමන්  නිදි පැදුරේම හුජ්ජ යනවා. හීන මාලිගා වැටෙයි කියලා භීතියට පත් වෙනවා. දැන් පටන්ගන්නවා වැඩේ. දෙන්නම් බැටේ.

එත් ඇත්තටම නම් අර කණ්ඩායම් තුනට ම ඕන කමක් නැහැ මුන්ගේ ආතල්  කුඩු කරන්ඩ. උන්ට ඕනෑ උන්ගේ අයිතිවාසිකම්. උන් ඉල්ලන්නේ උන්ගේ බඩේ ඉන්න දරු පැටවුන්ගේ අනාගතය.

අපිට හැමදාම කෙලෙව්වේ මෙන්න මේ හය වෙනි කාණ්ඩය.