Wednesday, March 5, 2014

ආතල් කුඩු කිරීම



1. සමහරක් මිනිස්සු ඉන්නවා දුප්පත්. පොඩි එකීට එකාට ජොබක් අරන් දෙන්ඩ දේශපාලනේ කරනවා. වෙන කරන්ඩ දෙයක් නැති හින්දා. ඒ මිනිස්සු අහිංසකයි.
2. සමහරක් ඉන්නවා දුප්පත්. ඒත් හෘද සාක්ෂියට චන්දෙ දෙනවා. ඒ වෙනුවෙන් අවංකව වැඩ. උත්සාහයෙන් දියුණු වෙනවා. ඒ මිනිස්සු විශිෂ්ටයි.
3. තවත් සමහරක් ඉන්නවා උගත්. ඒ නිසාම පමණට ධනය තියෙනවා. බලය ලබාගෙන කරගන්ඩ තරම් දෙයක් නෑ. අනෙක් මිනිස්සු ගැන හිතලා වැඩ කරනවා. ඒ වෙනුවෙන් දේශපාලනේ කරනවා. ඒ මිනිස්සු බුද්ධිමත්.
4. සමහරක් ඉන්නවා පරපුරෙන් ධනය තියෙනවා. දේශපාලනයෙන් ඒ තරම් වැඩක් නැහැ. දේශපාලනය කරන්නෙත් නෑ. නොකරන්නෙත් නෑ. ඒ මිනිස්සු අලසයි.
5. තවත්  සමහරක් ඉන්නවා. ධනය තියෙනවා . ධනය උපයන්නේ අයතා ක්‍රම වලින්. බලය නැතිව පැවැත්මක් නෑ. බලය රැකගැනීම පිණිස දේශපාලනය කරනවා. ඒ මිනිස්සු කුජීතයි.
6. මේ අතර සමහරක් ඉන්නවා. තරමක් උගත්. උගත් කමටත් වඩා හිතින් උගත්. හිතින් මධ්‍යම පන්තියේ (එහෙම එකක් නැති බව වත් ඔවුන් දන්නේ නෑ) . ඇත්තටම පීඩිත පන්තියේ. හීනෙන් ධනපති පන්තියේ. මුන් හිතන් ඉන්නේ දුප්පත්තු ටික මුන්ට ඊර්ෂ්‍යා කරනවා කියලා. අවාසනාවට උන්ට ඊට වඩා වැඩ තියෙන විත්තියක් මුන්ට තේරෙන්නේ නෑ. ඒ වුනාට මුන් ඊර්ෂ්‍යා කරනවා අරුන්ට. ඒ උන් මුන්ගේ තැන ගනියි කියලා. පුදුම බයකින් ඉන්නේ දුප්පත් මිනිස්සු  රොත්තක් ඇවිත් කුදලන් ගිහිං උංගේ පැල් කොට වලින් තියයි කියලා. අර මුල් කැටගරි තුනේ මිනිස්සු සංවිධානය වෙලා පුංචි සද්දයක් දාපු ගමන්  නිදි පැදුරේම හුජ්ජ යනවා. හීන මාලිගා වැටෙයි කියලා භීතියට පත් වෙනවා. දැන් පටන්ගන්නවා වැඩේ. දෙන්නම් බැටේ.

එත් ඇත්තටම නම් අර කණ්ඩායම් තුනට ම ඕන කමක් නැහැ මුන්ගේ ආතල්  කුඩු කරන්ඩ. උන්ට ඕනෑ උන්ගේ අයිතිවාසිකම්. උන් ඉල්ලන්නේ උන්ගේ බඩේ ඉන්න දරු පැටවුන්ගේ අනාගතය.

අපිට හැමදාම කෙලෙව්වේ මෙන්න මේ හය වෙනි කාණ්ඩය.

Thursday, August 22, 2013

දැන් මොකෝ කරන්නේ... මොනා කරන්නද හෙට ඉඳලාවත් පටන් ගනියව් ......


පසුගිය දිනෙක අපේ Syber Saradiyal සහෝදරයා පොඩි පහේ බණක් කියලා තිබුනා. කාලීන බණක්. ඒක අහපු අපිත් හුදී ජන පහන් සංවේගය පිණිස, හුදී ජනයා කෙරේ පතල මහා කරුණාවෙන් දන්න දන්න එව්වොන්ට බෙදා හැරියා. 
ප්‍රතිචාර ඉහලයි. ඉහලයි කියන්නේ පට්ටම ඉහලයි. Syber සහෝදරයා විතරක් නෙවෙයි පියන් වැඩේ කරපු අපිත් දේශප්‍රේමී හිංගල බෞද්ධ ජහමනයාගෙන් ඔවුන්ගේ ආවේනික භාෂා විලාශයට ඔබින අයුරින් සකස් කල උණු උණු කුණුහරුප අතුරුපසක් භුක්ති වින්දා.

එවන් වූ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද දේශනා කරන ලද Syber බණ ට මෙතනින් ඔබට ද සවන් දීමට පුළුවන්. 

එසේ Syber බණ ට සවන් දුන් පින්වත් තුමෙක් සහ මං තුමා අතර වත්පොත මැද  සිදු වූ විවාදයක් අප මෙසේ පළකරමු.

ලියන මං,  මං තුමා ලෙස ද අනෙකා ඒ තුමා ලෙස ද හඳුනා ගන්නේ නම් මැනවි.
කිසිඳු ඇලපිල්ලක්, පාපිල්ලක් හෝ කොම්බුවක් සංස්කරණය කොට නැත.

ඒ තුමා - තොට විලි ලජ්ජා නැද්ද යකෝ මේ පර කතා එවන්නේ.. මේක මේ කොහෙද යන පර බල්ලෙක්    කියන එකක් නේ. උඹට ආතල් නේහ්.

මං තුමා - (උත්තර බඳිමින්) භාෂා විලාශය හොඳ මදිය කියමු කෝ ඒ වුනාට කතාව නම් 100% ම ඇත්ත.

ඒ තුමා - *ක තමයි

මං තුමා තොපිලට මං හෙන කාලෙකට කලින් නේ කිව්වේ හම්බයෝ මරල මෙව්වා කොරන්ඩ බෑ කියල. එහෙම වුනොත් අපිටත් වෙන්නේ අර පිරමිඩ රටේ ජෝන් බාස්ල වගේ මරාගෙන මරාගෙන මරාගෙන මරාගෙන මැරීගෙන මැරීගෙන මැරීගෙන ඉන්ඩ. 
හම්බ සංහාරය කොරන්නේ මෙහෙමයි. ආයුධ තුවක්කු, ගල් කැට, පොලු, කඳුළු ගෑස්, රබර් උණ්ඩ මුකුත් නෑ.
මුලින්ම උන්ගේ හම්බ ගති නැති කරනවා. ඊට පස්සේ සිංහල බඩුවක් බන්දලා දෙනවා. ටෙලි නිලි රැජිනක් නම් වැඩිය හොඳයි. මොකෝ උන් බඳින්ඩ කස්තියත් නෑ නේ. ඒ පිලිබඳ ඒ ඇත්තන්ට විශේෂ පුහුණුවක් දෙන්ඩ ත් ඕනෑ.මීළඟ budget එකෙන් සල්ලි pass කරගන්ඩත් ඕනෑ. ඊට පස්සේ ගොලෑ වෙච්ච පුවක් ගෙඩිය වගේ ඉඳියි. දෙයියෝ මලත් උන් නෙවෙයි ඇහැක් අරින්නේ.

ඒ තුමා - (පඩියක් බැහැලා) එහෙමයි කියල පොන්නයෝ දාල රටේ ඉන්න හාමුදුරුවරුන්ට බැනල හරියනවද බන්.

මං තුමා - අකමැත්තෙන් හරි පොන්නයෙක් හරි කියන දේ පිළිගන්ඩ වෙනවා ලොක්කා 
නැත්නම් තොපේ අපේ ළමයින්ට බුද්ධ ශාසනේ වත් නැති වෙනවා.

(හෙනටම සිරා mood එකට ඇවිල්ලා)
මේක සෙල්ලමක් නෙවෙයි යකෝ...
උන් දැලි පිහියෙන් කිරි කනවා...
අන්තිමේට මැටි හට්ටිය වත් නැති වෙයි මයේ හිතේ.
ඒතුමා - ඔය පොන්නයන්ගේ (Syber අයියා පොන්නයා වී) ආතල් වලට හුරේ දාල හොඳ සාසනයක් බිහි වෙයි බලන් ඉඳපන්.
මං තුමා - හුරේ නොදා පොන්නය වුනත් කියන දේ ඇත්තනම් එක අරගෙන පුළුවන් විදියට වැඩ කොරන්ඩ වෙනවා. උන්ට පොන්නයා කිය කියා හිටියොත් උන්වහන්සේලා අපිවත් පොන්නයන් කරන සේක.
ඒතුමා - කොරයි කොරයි ඔහොම යනකොට. උබලගේ සමාජ වාදය (මැක්කාගේ කතාව. සමාජවාදී මෙව්වා එක).
මං තුමා - මුන් හොඳට ම කොරල තියෙයි.
තව අවුරුදු කීපයක් යනකොට ....(දැනටමත් හොඳම එකෙන් කොරලා ඇත. අපේ අයියලාට වගේ වගක් නැත)
ඒ තුමා - ඔය කෝකත් එකයි බොල..... කොරපු දෙයක් නෑ අද වෙනකන්. (වෙන රටවල් වල සාර්ථකව කොරලා තියෙන සමාජවාදය මේ රටේ ඉම්ප්ලිමන්ට් කොරන්නට බැරි වුනේ අපේ එකාලගේ ම හොඳකම නිසා ය යන්න අමතක වෙලා ය. ආපහු සමාජවාදී මෙව්වා එක)

මං තුමා-(සමාජවාදය සිරි ලංකා පොලවට එන්නත් කිරෙමේ අපහසුව මෙනෙහි කරමින්) 
ඔය වාද මුකුත් එපා අර නොර්වේ ස්වීඩන් වගේ කොරමුකෝ.. උන්ට පුළුවන් නම් ඇයි අපිට බැරි. අපි ගොන්නු ද බොලං. නෑ අපි හරක් ඩෝ. අපේ රටේ අවුල ඒකයි. ලෝකේ ඉස්සරහට. අපි පස්සට. හැමදේම පුජනීයයි කියල හිතන්නේ නැතිව වෙනස් වෙන්ඩ ඕනෑ දේවල් බය නැතුව වෙනස් කොරන්ඩ ඕනෑ. හරියට සුද්දෝ වගේ.

ඒ තුමා-හෙක හෙක..... ඔය සුද්දෝ කොරල තියෙන්නේ. සංස්කෘතියක් සදාචාරයක් නැති තැන කොහෙද බන් ශිෂ්ට මිනිස්සු ඉන්නේ.
මං තුමා-කේයියා..... මෙයා කියන කතා......
සුද්දෝ නිසා නෙවීද මේ අපි කීයක් හරි හොයාගන්නේ. තෝයි මායි chat කොරන්නේ. මටනම් සුද්දගේ රට වගේ රටක් කොරන්ඩ ඕනෑ අපේ රට. අපිත් ඔය බෝට්ටු වලින් එහෙම සුද්දා බලන්ඩනේ යන්නේ. අම්මප මම නම් කැමතියි නොර්වේ ස්වීඩන් වගේ වෙන්ඩ. ඕට්ටේලියා යන්ඩ.
සිරා ඔයි.
ඒ තුමා-තාක්ශනේ වෙනයි සදාචාරේ ගුණ දර්ම වෙනයි බන්. සුද්දගේ හැම ලබ්බටම පුක නොදී.. අවශ්‍ය දේ ගත්තම ඉවරනේ. 

(හොඳ ම හරිය)

මං තුමා - ඉතින් උන්ගේ pure දේශපලනෙත් ගත්තම මක් වෙනව යැ.

අර රජ කාලේ වගේ අපිට ඕනෑ පුකක් රජාට ප්‍රීති වෙසක් වෙනවට වඩා කෝටියක් එක හොඳයි බං. අපි මේ සංස්කෘතිය කියල කරගහගෙන යන බෙට්ටත් අර වික්ටෝරියා මහ රැජිනගේ සාඩම්බර නිර්මාණයක් වෙද්දී කාට ද ආඩම්බර ඈ. (දැන් ද රජ කාලේ වාගේ ම ය. චුට්ටක් විතරක් වෙනස් ය)
ඒ තුමා- උබට හොඳටම සුවර් ද ඕවා වික්ටෝරියගේ කියලා... ඊට කලින් අපේ රටේ එවුන් වැද්දෝ වෙන්න ඇති.

මං තුමා - (පොර වී. කොර වී) දැන් එක නම් එකමත් නෙවෙයි වෙනමම මනෝ විකාරයක් කියල හොඳටම sure.ආයේ කිරි ගහට හරක් ප**කින් ඇන්නා වගේ. කලිං එව්වෝ මීට වඩා ආතල් එකේ ඉන්ඩ ඇති. හොඳ විවෘත්ත සමාජයක් තියෙන්ඩ ඇති. භික්ශූන් උදෙසා නියම ආරාම තියෙන්ඩ ඇති. මේ පන්සල් සංස්කෘතිය ආවේ පොළොන්නරුවෙන් පස්සේ. වැඩිපුර වර්ධනය වුනේ මහනුවර යුගයේ. ආතල් එක වැඩි වෙලා ආගමෙන් දේශපාලනේ කලේ රාජපක්ෂ යුගයේ. තේරුනෙයි මයෙ පුතාට.


දැන් මොකෝ කරන්නේ...
මොනා කරන්නද හෙට ඉඳලාවත් පටන් ගනියව් ......








Saturday, August 10, 2013

ආදී වාසි දිනය සහ අතීත කාමය

ඊයේ "අද" පත්තරය දවසක් පරක්කු වෙලා කියවන්ඩ ලැබුණා. නව වැනි පිටුවේ විශේෂාංග ගොන්නට එකතු වෙලා තිබුනේ අපේ ආදි වාසීන් පිළිබඳව. ඒ අගෝස්තු 09 ආදිවාසී දිනය නිමිත්තෙන්. ලේඛකයා ලිපිය අවසන් කරමින් වැදි ජනයා රැක ගන්නා ලෙසත් ඊට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් බලධාරීන් ගෙන් ඉල්ලා තිබුණා. තව දුරටත් අදහස් දක්වන ලේඛකයා ඔවුන්ගේ පාරම්පරික ජීවන රටාව ගෙනයාමට වනාන්තර පෙදෙස් ලබාදෙන ලෙසත් ඉල්ලා තිබුණා. කොටින්ම අද දර්ශනයට අනුව හුදෙක් පාරම්පරිකව උරුම වූ සංස්කෘතිය රැකීමේ අරමුණෙන් වැදි සනුහරයම මහ බැද්දට මනදො කල යුතු ය. ඔහුගේ ලිපිය එතනින් අවසන් වුවත් අපගේ ගැටලුව පටන්ගන්නේ එතැනින්.



එකී ඉතිහාසකරුවන් පරිසරවේදීන් අදහස් කරන පරිදි වැදි ජනයා යනු නවීන තාක්ෂනය, සංවර්ධනය අධ්‍යාපනය, උරුම නොවූ ප්‍රදර්ශනීය සත්ත්ව විශේෂයකි. ලෝකය ඉදිරියට යද්දී අතීතකාමී මිනිසුන්ගේ ස්වයං  වින්දනය වෙනුවෙන් වැද්දෝ දුනු ඊතල රැගෙන දඩයමේ යා යුතු ය.නමුත් අපගේ අදහස නම් ලෝකයට තමක් පසුපසින් සිටින මේ ජන කොටස ඉන් වැදි තත්වයෙන් මුදවා හනි හනික සමාජගත කලයුතු බවයි. භෞතික ජීවන තත්වයන් දියුණු කල යුතු බවයි. සමාජීය වශයෙන් හුදෙක් කෙටේරිය පිටේ එල්ලාගත් නායකයෙකු නොව ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා, පාර්ලිමේන්තුව නියෝජනය කරන නායකත්වයක් උරුම කර දිය යුතු බවයි.රටේ අනෙක් සියලුම ජාතීන් ලබන වරප්‍රසාද ලැබීමට ඔවුන ද සුදුස්සෝ වෙති. ආදිවාසි පරපුරක උපන් පමණින් ඔවුහු අර්ධ නග්නව කෙටේරිය කරේ දමා කැලයට වී ඉතිහාසකාමීන්ට මෝඩ ආතල් දිය යුතු නැත. ඒ අම්මලාට තාත්තලාට දාව උපන් පුංචි එකාලාට අනික් උන්ට වාගේම සමාන අයිතිවාසිකම් සහිතව නවීන මිනිසෙකු වීමේ අවස්ථාව උරුම කර දිය යුතු ය.
එවන් ක්‍රමයක් තුල "වැද්දා" නම අතුරුදන් වූවාට කම් නැත. ඔවුන් සතු සුවිශේෂී දැනුමක්, කලාවක් තිබේ නම් අදාල ආයතන ඔස්සේ සංරක්ෂණය කර තැබීම පමණක් ප්‍රමාණවත් ය.

Saturday, July 27, 2013

දුකට ගැයෙන කවි





දයා        සිරි 
වයඹ      සිරි 
කරනු     රිසි 
ගිය      අසිරි 

තුටින්     පිරි 
ජන     රුසිරි 
දෙමින්    පිරි 
කතිර      ඉරි 

නැවත    හැරි 
බලනු     බැරි 
මෝඩ     නරි 
වයඹ       පිරි 

(අවසරයෙන් උපුටා ගැනුණි)

Wednesday, July 3, 2013

දහතුන (13)


දැන් ඔය 13 ගැන ලොකු සද්දයක් යනවනේ. ආණ්ඩුවට නම් 13 ඇතුවත් බෑ. නැතුවත් බෑ. මොකද ඔය පළා බබා කියන්නේ සල්ලි ඉල්ලමක් නේ. ලොකු මැති ඇමැත්තෝ තම තමුන්ගේ වරිගේ චිරස්තිථිය පිණිස පළා බබා දිවිහිමියෙන් ආරක්ෂා කරන්නට හීන් නූලෙන් ගේම අදිනවත් ඇති. මොකද ඇමති බබාට දේශපාලනේ පුරුදු කරන්ඩ තියෙන හොඳම තැන මේක නේ. අනික ඉතිං ලොකුවට කියල කොරන්ඩ තරං දේකුත් නෑනේ ඕකෙන්. 
ඒත් ආණ්ඩුව විෂයයේ දී නම් 13 කියන්නේ අති විශාල උපක්‍රමික වටිනාකමක් තියෙන දෙයක්. දැනට ඇතිවෙමින් පවතින ආණ්ඩු විරෝධයත් විශේෂයෙන් පොහොර කප්පදුවත් සමග ගොවි ජනතාව තුලින් නැගෙන විරෝධය සමනය කරගැනීමට  නම් ජාති මාමක ආතල් එකක් දිය යුතුව තිබෙනවා. විවිධ පන්නයේ සේනාවන් පෝෂණය කිරීම හරහා ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායම් මෙතෙක් කලෙත් මේ ක්‍රියාකාරකම ම තමයි. 
පවතින තත්ත්වය හමුවේ පළාත්සභා සම්පුර්ණයෙන් අහෝසි කිරීම කාරනා කිහිපයක් යටතේ අවාසි සහගත විය හැකියි. ඉන්දියානු සාධකය මෙහිදී ප්‍රබලව සිටිනවා. මන්ද තමිල්නාඩුව හරහා ඉන්දීය මධ්‍යම රජය උතුරේ ප්‍රශ්නය තුල බැඳී සිටීම. එක්සත් ජාතීන් හමුවේ අප සිරවී සිටින උගුල ද මෙහිදී සැලකිය යුතුයි. මීළඟ ජිනීවා නාඩගමේ දී තමන්ගේ ගෙදරවැඩ පොත ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇති. අනෙක් කාරණය වන්නේ මෙවැනි දැඩි තීන්දුවක් හමුවේ උතුරේ සිවිල් ප්‍රජාව සහ දේශපාලන කණ්ඩායම් කුමන අයුරින් ප්‍රතිචාර දක්වාවි ද යන්න. මතක තබාගතයුතු කාරණය වන්නේ නැවත ඇතිවන අර්බුදයක් උණ්ඩයෙන් සමනය කිරීමේ හැකියාවක් අපට නොමැති වග. පැරණි වමේ ගෝරනාඩුව නම් එතරම් වැදගත් වන්නේ නැහැ. ඔවුන්ට ජන මතයක් හෝ සිද්ධාන්තයක් ගොඩනැගීමේ හැකියාවක් නෑ. නමුත් පාර්ලිමේන්තුව තුල සිදුවන ඔළුගෙඩි සෙල්ලමකදී නම් ඔවුන් ද යම් පමණකට වැදගත්. 
අපගේ මතය නම් පළාත්සභා වලින් අපේක්ෂිත අරමුණු ඉටු නොවුවා යන්නයි. අද වනවිට පළාත්සභා මගින් ප්‍රාදේශීය සංවර්ධනය කෙරේ විශාල දායකත්වයක් සපයන්නේ නැහැ. මේ මගින් සිදුවී ඇත්තේ පරිපාලනය අවුල් වීමක් පමණයි. උදාහරණයක් ලෙස මධ්‍යම ආණ්ඩුවේ පාසල් සඳහා වැඩි පහසුකම් ඉක්මනින් ලැබීමත් අනෙක් පාසල් එසේ නොවීමත් ගතහැකියි. ඉටු නොවූ අරමුණක් වෙනුවෙන් ජනතා මුදල් සහ දේපල නාස්තිකිරීමේ හරයක් නැහැ. ඒ අනුව පළාත්සභා අහෝසි කිරීම පිලිබඳ තර්කයක් නැහැ. එහෙත් ලොකු තොවිලයක් නටා දෙහි ගෙඩි දෙකක් පමණක් කැපුවාක් මෙන් දහන්ගැට දමා  13 වන සංශෝධනයේ කොටස් කිහිපයක් පමණක් ඉවත්කරන්නේ හෝ සංශෝධනය කරන්නේ නම් එය පමණක් සෑහෙන්නේ නැහැ. 
සත්‍ය වශයෙන් ම මේ ගැටලුවට විසඳුම් සොයන්නේ නම් කලයුත්තේ පළාත්සභා ක්‍රමය අහෝසි කිරීම සහ අහෝසි කල ක්‍රමය වෙනුවට වඩා කාර්යක්ෂම සහ පිරිමැසුම්දායී  ක්‍රමයක් හඳුන්වාදීමයි. නව ක්‍රමය යටතේ පරිපාලනය විධිමත් කලයුත්තාක් සේ ම  බෙදුම්වාදී තත්වයක් යලි ඇති නොවන තැනට වූ විසඳුමක් ද විය යුතු ය. අපගේ අදහස නම් 13 පිලිබඳ යමෙක්  කතාකළ යුත්තේ දෙවන විසඳුමක් සහිතව බවයි. එවිට ජාත්‍යන්තරයෙන් එන ප්‍රතිරෝධය ද නිශේද වී යනු ඇති.

Thursday, May 30, 2013

ආගම, සංස්කෘතිය සහ සිංහල බෞද්ධයා...... 01




මම මෙතන ආගම කියන කාරණයෙන් අදහස් කරේ බුදු දහම කියන එක. (බුද්ධාගම කියන්නේ බුදු දහම නෙවෙයි. බුද්ධාගම නම් අතිශයින් සංස්කෘතිකයි. ඒ ගැන පසුව කතා කරමු.) බුදු දහමට නැවත වැඩෙන්ඩ දෙයක් නෑ. එය උපතේදී ම සම්පූර්ණයි. එය ලෝකෝත්තරයි. රට, ජාතිය, කුලය ආදී බෙදීම් එහි නැහැ. බෞද්ධයෙකු පුහුණු වන්නේ සියල්ල අතහැරීමට මිස බදා ගැනීමට නොවෙයි. 
සංස්කෘතිය යනු එහි අනෙක් අන්තය යි . එය අතිශයින් ම ලෞකිකයි. වෙනස් වන සුළුයි. සංස්කෘතියට සීමාවක් නැහැ. මිනිසාගේ ආහාර රටාව, ශරීර කෘත්‍යයේ සිට සංගීතය, කලාව, නර්තනය, ඇදහිලි තෙක් මෙහි බලපෑම විහිදී යනවා. පොදුවේ අප සංස්කෘතිය ලෙස හඳුනා ගන්නේ යම් නිශ්චිත කාලයක් තුල යම් වපසරියක ජීවත් වන ජනයාගේ පොදු ලක්ෂණ. මෙය කාලයත් සමග වෙනස් වනවා. එම ජන සමාජය අඩංගු කුලකයේ අධ්‍යාපන මට්ටම, අත්දැකීම්, පිරිස් බලය මෙන්ම පාරිසරික සාධක, දේශපාලනය පවා මෙම සංස්කෘතිය කෙරේ බලපානවා. එමෙන් ම පොදු සංස්කෘතියක් තුල බොහෝ උප සංස්කෘතීන් පවතිනවා. එම උප සංස්කෘතීන් මහා සංස්කෘතිය පෝෂණය කරනවා සේ ම ඒ ජන සමාජය කෙරේ විවිධත්වයක් ඇති කරනවා. ලංකාවේ දැනට අප දකින ඊනියා සිංහල බෞද්ධ සංස්කෘතිය හත් කවලමක් . වැඩියෙන් තියෙන්නේ හින්දු ලක්ෂණ. අනෙක් ටික සුද්දන්ගෙන් ලැබුණු වික්ටෝරියානු සභ්‍යත්වය. බොහෝ අංගයන්ගෙන් මෙන්ම සිංහල ජනයා සිතුම් පැතුම් වලින් පවා උතුරු ඉන්දියානුවන්ට සමාන යි. එමෙන් ම මෙරට දක්නට ලැබෙන අයියනායක, ගලේ බණ්ඩාර, කළු දේවතා ආදී නොයෙක් ප්‍රාදේශීය දේව වන්දනා, වන්නි හත් පත්තුවේ දක්නට ලැබෙන කිරි ඉතිරවීමේ මංගල්‍ය ආදිය බුදු දහමට පෑහෙන්නේ නැහැ. ඒවා ආදී කාලීන ආගමික ඇදහිලි විය හැකියි. ඒවා දැන් අප සංස්කෘතියට බද්ධ කරගෙන පවත්වාගෙන යනවා. අනුව අලි සරසාගෙන යන පෙරහැර ක්‍රමය පවා මහ ඉහලින් දකින්නට ලැබෙන්නේ කේරලයේ කෝවිල් වල යි. බොහෝ විට අප එය ද සොරා ගත්තා විය හැකියි. කොහොමටත් සංස්කෘතිය කෙරේ පරිසරය නමැති සාධකය බලපාන නිසා අවට මහා සම්ප්‍රදායන් වල ලක්ෂණයන් අපේ සංස්කෘතියෙන් ද මුර්තිමත් වීම අපුලක් නෙවෙයි. එය සංස්කෘතිය විචිත්‍රවත් කරනවා. පොළොන්නරු යුගයෙන් පසු දකුණු ඉන්දීය හින්දු සම්ප්‍රදායන්හි ලක්ෂණ, බටහිර ජාතීන් මෙරට ආක්‍රමණය කිරීමත් සමග ඇතිවන යුරෝපීය ක්‍රමයන් ගේ සම්මිශ්‍රණ දේශපාලනය නමැති සාධකය ඔස්සේ සිදුවූ බලපෑම්.
අපි භාෂාවෙන් සිංහල වන්නෙමු. සංස්කෘතියට නමක් නැති නිසා සිංහල-බෞද්ධ ලෙස නම් තබා ඇත්තෙමු. සංස්කෘතිය ඇසුරු කොටගෙන භාෂාව නිසා උපන් සාහිත්‍යයක් ද අපට ඇත්තේ ය. අනෙක් අයටත් තිබේ. එය භාෂාව පෝෂණය කරයි. සංස්කෘතිය සේම භාෂාව ද කලවලම කි. සිංහලේ බොහෝ පද අසාමාන්‍ය ලෙස හින්දිය ට සමාන වේ. ඒ නිසා ම සිංහලයා බොහෝ පහසුවෙන් හින්දි ඉගෙන ගනී. අකුරුබොහෝ විටෙක තෙලිඟු වලට සමාන ය. විටෙක මලයාලම් වලට සමාන ය. ලෝකය ම එහෙම ය. 

දැන් අපි ආගම දෙසට හැරෙමු. ආගම යනු ඇදහිල්ලයි. එකම සංස්කෘතියක් තුල එකම එකම භාෂාව කතා කරන පිරිස් අතරේ ආගම් කිහිපයක් තිබිය හැකිය. එය එසේ ය. හොඳ ම උදාහරණය ඉන්දියාව යි. ආගම කුමක් වුවත් එක්කෝ. උතුරු ඉන්දීය ය. මලයාලම් ය. කේරළ ය. බෙන්ගාලි ය. දෙමළ ය.
ලංකාවේ ඇතැම්හු ද බුදු දහම ඇසුරෙන් අපට වඩාත් සමීප හින්දු ලක්ෂණ පූට්ටු කර ආගමක් තනන්නට නිරර්ථක උත්සාහයක යෙදී සිටී. එපමණක් නොව මිෂනාරි ලක්ෂණයන් ද, ඉස්ලාමීය ලක්ෂණයන් ද එකතු කරන්නට උත්සහ කරමින් සිටී. අනෙක් උන්ට ආගමක් ඇති එකේ බහුතරයා පාලනය කර ගැනීම ට ආගමක් අවශ්‍ය යැයි සමාජයේ ඇතැම් පිරිස් සිතන්නට පිළිවෙන. ආගම යනු ජනයා පාලනය කිරීමට අනගි කෙවිටක් බවත්, බුදු දහම යොදා ගනිමින් එය කිසි කලෙක සිදු නොකළ හැකි බවත් ඔවුහු දනිත්. දෛවයේ සරදමකට මෙන් සිංහල-බෞද්ධ ලෙස හඳුන්වා ගන්නා මෙම කල්ලි වලට අභියෝගක් වී ඇත්තේ ද බුදු දහම ම වෙයි.

ඔවුහු කවරහු ද? සිංහල-බෞද්ධයා සහ බදු දහම අතර ගැටුම කුමක් ද? මෙළඟ කොටසින් විසඳා ගත යුත්තේ වෙයි.

Saturday, May 18, 2013

විජයග්‍රහණය එදා සහ අද ....


අද මැයි 18 යි. විජයග්‍රහණ දිනයයි.උදෑසන ගාලු මුවදොර පිටියේ දී රජ්ජුරුවෝ එක පෝලිමක සිට ද (ගූ) කොල්ලෝ තවත් පෝලිමක සිට ද එකිනෙකාට salute ගසා විසිර ගියෝය. 
වෙනදාට නම් මෙවන් උත්සවයක් බලන්නේ හෙන හැංගීමකිනි. ඒත් දැන් එහෙම එකක් එන්නේ නැත. එවා ගන්නට වත් බැරි ය. 
යුද්ධය ඉවර වෙලා අවුරුදු හතරකි. උඩහ ගෙදර චන්ඩි අයියා ත්, එහා ගමේ සරතා ත් තවත් කොල්ලෝ කීප දෙනෙකුත් වතාවෙන් වතාවට දිවි පිදුවෝ ය. අපි මේ ගෙන්දගම් පොලවේ පය ගසාගෙන ඉන්නේ උන්ට පිංසිද්ද වෙන්න ය. 2010 යුද්ධය ඉවර වෙද්දී අපි හිතුවේ දැන් නම් අපේ අපල කාලය ඉවරයි කියලා ය. ගමේ එකාලාගේ ඔලු වල දාහක් හීන පීදුණි. අපේ ලෝකේ අහවර උනත් පුංචි එවුන්ට වත් ලස්සන ලෝකයක් බිහිවනු ඇතැයි අපි සිතුවෙමු. ආයේ ඉතින් බෝම්බ පුපුරන්නේ නැත. අපි තුන් හුලස් පිපිරෙව්වෙමු.  රටට කිරි උතුරවා නායක කාරකාදීන් ඇහැක් සේ බලා කියා ගන්නට අයියනායක දෙයියන්ට කන්නලවු කළෙමු.
ඔවුහු අපෙන් යුතුකම් ඉල්ලූ හ. අපි තුනෙන් දෙකට සිඳ යුතුකම් ඉෂ්ට සිද්ධ කලේ අහිංසක හිත් වල පිපුණු මහ මෙරක් බලාපොරොත්තු ඵල ගන්වනු පිණිස ය.
අදට තුන් වසකට ආසන්න කාලයක් සිඳී ගොසිනි. අපේ බලාපොරොත්තු රොත්ත ම අපේ අහිංසක හිත් වල ම පරල වෙලා ය. ඒ ඇත්තන්ගේ එව්වා පමණක් පීදිලා ය. කල ගොං කමක තරම තේරෙන කොට සියල්ල පිලිවෙලින් සිදුවී හමාරය.
මේ ඔවුන්ගේ යුද්ධයේ දී දකුණේ අපි ද උතුරේ අපේ එවුන් ද හරි හරියට මියෑදුන හ. එය පුනරාවර්ජනය කර සතුටු සිනා වපුරන්නට තරම්  සුන්දර ජයග්‍රහණයක් නොවේ. මහා ඛේදාන්තයකි. එහෙව් ඒවා මහ ඉහලින් සමරන්නට නුසුදුසු වනවා සේ ම  , ඒවායේ මතක සටහන් පවා තබා ගැනීමට අවැසි නැත. 
ඒ සමයේ ඛේදනීය සලකුණු සියල්ල විනාශ කල යුතුවාක් සේ ම ඒ සලකුණු තුබූ තැන්හි සහෝදරත්වයේ බිජු වැපිරිය යුත්තාහ. කොටින්ම ඒ තිස් වසර ඉතිහාසයෙන් මකා දැමිය යුතු ය. යුධ ස්මාරක හෝ යුධ සංචාරක ව්‍යාපාරය (උතුරේ සිදුවන) සිදු නොවිය යුතු දෑ ලෙස අප දකිමු. මක් නිසාද යත් අනාගතයේ යම් අයුරකින් සිදුවිය හැකි කුමන හෝ අන්තවාදයකට හෝ බෙදුම්වාදයකට උත්තේජනයන් මේ ස්මාරක තුලින් සැපයෙන නිසා ය.
දකුණට ඇති සියලු දෑ උතුරට ද දිය යුතු ය. පළාත්සභා කඩිනමින් ලබාදී චන්ද අයිතිය තහවුරු කල යුතු ය. 
යුධ මානසිකත්වය තව දුරටත් අවැසි නොවේ. එය සේවය කරන්නේ මහජනතාවට නොව පාලකයාට යි. ඔවුහු යුධ ජයග්‍රහණ පෙන්වා ඔවුනගේ නොපනත්කම් යහමින් සිදුකරමින් සිටිති.