Monday, May 6, 2013

ආගම යනු අත්වැරැද්දක් ද?



කාලෙක ඉඳන් මගේ ඔලුවේ හෙන පුරස්නයක් වැඩ කරනවා. 
දැන් ඔය මිනිසා කියන සතා මොන ක්‍රමයකින් හරි මේ ලෝකෙට උත්පාද උනා කියමුකෝ. දැන් මිනිසාගේ ලෝකේ පටන්ගත්ත ගමන් ම ලෝකෙට කියවීමේ තාක්ෂණේ  ලිවීමේ තාක්ෂණේ මේ තරමට දියුණු වෙලා තිබ්බේ නෑ නේ. ඒක ප්‍රත්‍යක්ෂයෙන් ම අපට අවබෝධ වෙනවා නේ. 
සරලම කාරනෙන් පටන් ගමු. දැන් මේ ලෝකේ දෙයියෝ මවලා ආගමකුත් මවලා තොපිලා ඕකේ කියන විදිහට හිටු කියලා කිව්වා කියමුකෝ. ඒ කාලේ තිබ්බ දේවල් වල හැටියට ඔය දෙයියෝ කියපු කප්පරක් ජාති වැලි පිල්ලේ ලියාගෙන කටපාඩම් කොරෝගෙන පොඩි එව්වොන්ටත් කියලදීගෙන ඉන්නවා කියන එක හෙනම ගේමක් නේ. එක නොවුවාය කියන කාරණෙත් අර වගේ ම ප්‍රත්‍යක්ෂයි.
දැන් එහෙනම් ලෝකෙට මේ ආගම කියන සංකල්පය මුලින්ම එන්නේ කොහොමද? 
මට නම් හිතෙන්නේ මිනිස්සු විද්‍යාව කියන දේ හොයාගෙන යන ගමන් අත්වැරැද්දකින් ආගම බිහිවුනාය කියන එක. 
මිනිස්සු ටිකෙන් ටික දියුණු වෙද්දී උන් සොබාදහම කියවන්ඩ උතසාහ කරන්ඩ ඇති. හරියට පොඩි ළමයක් වගේ. අපේ පුංචි කාලේ වගේ. පොඩි උන්ට මහ ගොඩක් ප්‍රශ්න. උපත ගැන, ජීවිතේ ගැන, සෙල්ලම් බඩු ගැන, ලෝකේ ගැන.
ආන්න ඒ වගේ. නොදියුණු මිනිසා ලෝකේ තේරුම් ගන්ඩ ගත්ත උතසහයේදී අප්‍රමාණ ප්‍රශ්න උපදින්ඩ ඇති.අකුණු ගහද්දි, අකුණු වැදිලා සත්තු මැරෙද්දි බයවෙන්ඩ ඇති. ස්වභාවික කුතුහලයත් එක්ක බොහෝ දේවල් ඉගෙන ගන්ඩ ඇති. බැරි හරිය අත්භූත දේවල් වලට බැර කරන්ඩ ඇති. 
සමහරවිට දෙවියන්ට කලින් ලෝකෙට වඩින්ඩ ඇත්තේ යක්ෂයා. මොකද සතුට කියන දේට වඩා බය කියන දේ මිනිස්සුන්ගේ හිතට මහා දරුණු විදියට කාවදින නිසා.
ඒ කාලේ අද වගේ විද්‍යාව,දේශපාලනය ආදී ලෙස බෙදුණු විෂයපථ නොතිබුණු නිසා මේ ඔක්කොම දැනුම තියන්ඩ ඇත්තේ එක ගොඩේ. හරියට නගර සභාවේ කුණු ලොරිය වගේ. 
කාලයත් එක්ක පෙරළිකාර නිදහස චින්තකයන් බිහිවීමත් එක්ක සාම්ප්‍රදායික අදහස් සහ රැඩිකල් අදහස් අතර පරස්පරයක් ඇතිවෙන්ද ඇති.
මේ පරස්පරයන් අන්‍යේන්‍ය සහයෝගයෙන් සහ තරඟකාරී තත්වයක් තුල වර්ධනය වෙන්ඩ ඇති. බුදුන් වැඩ සිටි යුගය සහ සමකාලීන කතා පුවත් මෙහි උච්චතම අවස්ථාව සනිටුහන් කරන නිදසුන් ලෙස ගත හැක.
අවසන් ප්‍රතිපලය ලෙස ආගම, විද්‍යාව, දර්ශනය වෙන් වෙන් වශයෙන් ස්වකීය වූ ගමනක් අරඹන්ඩ ඇති.

1 comment:

  1. මේ අදහසත් නරක නෑ.... කොහොමත් ආගම් ටිකක් අබිං වගේ තමයි .. විශේෂයෙන් ආසියාතික රටවල් වල... වැඩිපුර ආගම් මේ පැති වල බිහිවෙන්නත් ඇත්තේ මේ රටවල මිනිස්සුන්ගේ විදියටම වෙන්න ඇති....

    ඒ එක්කම Friend connector Follower gadget එකත් පැත්තකින් දාගත්තා නම් ෆලෝ කරන්න ලේසියි...

    Add a gadget එකේ More gadgets වල පළවෙනි පිටුවේ අන්තිමටම ඒක තියෙනවා...

    ආ අනේ ඒකත් එක්කම මේ Word verification එකත් අයින් කළා නම් ලේසියි කමෙන්ට් කරන්න..

    Settings - Posts and Comments - Show word verfication = NO කරන්න...

    ReplyDelete