Thursday, May 9, 2013

නවක වදයට පසු වදනක්


මේ ගැන විඩෙන් විඩේ එක එක මාධ්‍ය වල කතා කරන නිසා ත් මටත් ඒ ගැන කියන්නට යමක් ඇති නිසාත් මෙසේ ලියමි.
කොටින්ම මම මේ වචනය ලියන හැටි වත් දන්නේ නැත. නවක වදය ද නවකවදය ද යන්න දන්නා අයෙක් පැහැදිලි කරත්වා.
කොහොම ලිව්වත් කිව්වත් මට නම් මේ වද කෙරුවාවට දිරවන්නේ නැත. ඒත් විස්සවිද්‍යාල යන කාලයේ ඔව්වා ගැන කතාකරන්නට නොගියේ ඒ ක්‍රියාවට අසමාන වූ ද ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් ලැබෙන නිසා ය. ඒත් අල වීමේ පාපයට ලක් නොවනු වස් වාත වෙන්නට (ඉඳ හිටලා) ගියෙමි. හැකි සෑම විටෙකම කට්ටි පැන්නෙමි.
ඒ කාලේ බොක්ක බෙදාගෙන අලවාගෙන ඉන්නට බැච් ආලම්බන ප්‍රීතියෙන් පොර talk වරුසා පිටින් ඇදබානා ලද සින්නො දැන් ඇඩ්‍රස් වල තබා email වල වත් නැත. හෙවනැල්ලත් තුනට හතරට බෙදාගෙන බොක්ක හවුලේ තබාගෙන ඉන්නට පාරම් බෑ බැචාලා බුකියේ වත් නැත. ඒ වෙනුවට ඉතිරිව ඇත්තේ පුද්ගලික දැන ඇඳුනුම් කම් කීපයක් පමණි. 
වාත කාලයේ සින්නො අප ඉදිරිපිට හෙන පොරවල් වුවෝ ය. අපි ජුන්නන් ඉදිරිපිට පොරවල් වීමු. ඔක්කොම අයියලා ය. අයියලා වන්නට වයස ද බලපෑවේ නැත. එක ම සාධකය වූයේ අවුරුද්දක් කලින් විස්සවිද්‍යාලයට රිංගා ගැනීම පමණි. සින්නෝ නිසි බලධාරීන් වූහ. උන්ට ඉහලින් ගියොත් බෙල්ල ගහලා යනවා ය.  විස්සවිද්‍යාලයෙන් පිටත අදටත් ඇතැම් පොර පාට් සින්නෝ එකී තියරිය අනුගමනය කරන්නට උත්සහ කරනු කොතෙකුත් අත්දැක ඇත්තෙමි. ඒ අර අහවල් වදය විසින් ඇතිකළ අතුරු ප්‍රතිපලයෝ ය.
මට නම් ඔය පිස්සුව එපා වන්නට ප්‍රධාන හේතුව මා සතු පුද්ගලික අනන්‍යතාවන්ට බරපතල පහරක් වැදීම ය. 
කිසිඳු මිනිසෙකු අහේතුකව වෙනත් පුද්ගලයෙකු යටතේ කටයුතු කිරීමට අකමැති ය. එසේ කිරීමට බල කිරීම යනු එකී පුද්ගලයා සතු මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. ඒ නයින් පළමුකොට නවක වදයට විරුද්ධ වෙමි. වසර කිහිපයකට පසු ආපසු හැරී බැලීමේදී ඒ තුලින්  සමාජයට දුන් දෙයක් හෝ සමාජය විසින් උකහා ගත් දෙයක් හෝ නැත. ඒ අනුව දෙවන කොට ද විරුද්ධ වෙමි. විශ්ව විද්‍යාල නවක වදය තුල ඇත්තේ මිනිසා විසින් මිනිසා පාලනය කිරීමේ පහත ආශාව සහ පොරක් වී බඩුවක් දමාගැනීම වැනි පටු අදහස් මිස මහා සමාජ දර්ශනයක් නොවේ. එනිසා තෙවැනි වරටත් විරුද්ධ වෙමි. 
මෙම ක්‍රමයේ උත්තුංග අරමුණ ඇතැමෙක් කියන පරිදි සහ අසා ඇති පරිදි එකිනෙකා අතර සුහදශීලී බව වර්ධනය කොට batch ෆිට් එක වැඩි කිරීම නම් ඒ සඳහා  මීට වඩා ප්‍රතිඵලදායි ක්‍රම කොතෙකුත් තිබේ. එසේ නම් උප සංස්කෘතියක් වූ පමණින් බුද්ධිමත් සමාජයක් විසින් තව දුරටත් මෙය නඩත්තු කල යුතු ද? 

3 comments:

  1. මමත් රැග් එක කෑවෙ කැමැත්තකින් නෙමෙයි. ඒත් ඒ කාලෙ වුනු සුන්දර දේවල් තාම විඳිනව. අපේ රටේ ගොඩක් තැන් වල ප්රනශ්නෙ වෙලා තියෙන්නෙ ජීවිතේ විඳින්නෙ නැති අසහනයෙන් පිරුණු මිනිස්සු නිසා අනිත් අයත් අසහනයට පත් වෙන එක. ඒක අපේ රටේ දේශපාලනෙත් එක්ක බැඳුනු ලොකු කතාවක්. ඉතින් ඒ අසහනෙන් පිරුණු සමාජෙන්ම ආපු අයගෙන් අපිට සුන්දර දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා නවක වදෙත් මානසික වගේම සමහර වෙලාවට පිළිකුල් සහගත විදියට සීමාව ඉක්මවල ගියපු ශාරීරික වදේකුත් බවට පත් වෙලා. රැග් එකේදි මුණගැහුණු අසහනෙන් පිරුණු අයට වඩා හාස්ය යක් තියන සුන්දර මිනිස්සුත් එක්ක අද මුණගැහුනත් හොඳින් සුහදශීලී විදියට කතා කරන්න පුළුවන්.

    මේ කතාවෙ සරලම තේරුම රැග් එකත් අපේ රටේ අනිත් දේවල් වගේම එක එක්කෙනාට ඕන විදියට වෙන ඔහේ අයාලෙ යන දෙයක් කියන එක. එහෙම වුනත් ප්ර ශ්නයක් වෙන්නෙ නෑ කවුරුත් සුන්දර ජීවිතේ විඳින අයනම්. එහෙම පරිපුරන සමාජයක් ලංකාවෙ නෙමෙයි ලෝකෙ කොහෙවත් තියේවි කියල හිතන්න බැරි නිසා රැග් එක ඕනම නෑ. ඊට‍ වඩා සුහදශීලී පිළිගැනීමක් කලානම් ලංකාවේ විශ්වවිද්යානල වල දැනට තියන ප්රඅශ්නත් ගොඩක් අඩු වෙනව කියල මම හිතනව. ඒ මම හිතන විදිය.

    ReplyDelete
  2. ඔව් ඔව් මට මතක් වෙන්ව මෙක කියවඩ්ඩි අපි කට්ටිය වාත වෙන්න ගියපු හෙට්ය්..උම්බට cඅර්ඩ් එක වෙටිච හෙටි...එත් මච්න් එකෙ යමක් නේ ක්යල කියන්ත් බෙ.මොකඩ cඔලබින් එන එකඉ,ගමෙන් එන එකඉ එකට ඉන්න පුලුවන් තත්වෙකට ගන්න ඔය කියන වඩය උඩව් උනෙ නෙ කියල කියන්න උම්බට බ...

    ReplyDelete
    Replies
    1. වාතයේදී එකී පුද්ගලයන් ගෙනහැරපාන කරුණු සහ ගැඹුර අවසානයේ දී ලැබෙන ප්‍රතිඵලයත් සමග සැසඳීමේ දී වැඩි බරක් ඇත්තේ මොන පැත්තට ද සහෝදරයා, අපට සලකන්ඩ වෙන්නේ අන්න ඒ පැත්ත ගැන. ඒ අතින් ගනිද්දී වාතේ කියන්නේ පුස් වෙඩිල්ලක්.
      වාතේ නැති පාසල් කාලේ සුන්දර මතක සටහන් නැද්ද?
      ඒ කාලේ කණ්ඩායමක් විදියට එකට වැඩ කලේ නැද්ද?
      සුන්දර මතක රැස් කරන්ඩ මීට වඩා ප්‍රයෝජනවත් ක්‍රම නැද්ද?

      Delete